අන්තර්ජාල

Weebly – 2016 වසරේ සමාලෝචනය

Weebly staff
​2016 වසර Weebly (වීබ්ලි) ආයතනයට ප්‍රබල හා පරිවර්තනීය වර්ෂයක් විය. එලෙසම ඔවුනට 2017 වසරෙහි  ක්‍රියාත්මක කිරීමට සුවිශාල සැලසුම් රැසක් ඇත. පසුගිය වසර තුළ ඔවුන් හදුන්වාඳුන් Weebly 4 හා Weebly Promote මගින් ජනතාවට සිය ව්‍යාපාරික වෙබ් අඩවි තව තවත් පහසුවෙන් හා නිර්මාණශීලීව ඉදිකිරීමට ඉඩ ප්‍රස්තාව සපයා දෙන ලදී.
​සැමවිටම සිය සේවා පාරිභෝජකයින්ගේ අදහස් හා යෝජනාවලට සවන් දෙන ආයතනයක් ලෙස මෙම් Weebly ආයතනය 2016 වර්ෂය තුළ ජයග්‍රාහී සේවාවක් සැපයීමට සමත් විය.

Weebly SF Team - Wishing New year 2017

Weebly හි SF කණ්ඩායම නව වසරට සුභ පත්මින්
(මූලාශ්‍රය : Weebly Official Blog)

​2016 වසර සැමරීමට හා අසිරිමත් 2017 වර්ෂයට පදනමක් ලෙස පසුගිය මාස 12ක කාලයේ Weebly විසින් සිදුකල ප්‍රධාන නිකුත් කිරීම් පිළිබඳ සාරාංශයක් පහත දක්වේ.


ඉහත සඳහන් කරුණුවලට අමතරව Weebly හි සියුම් සංවර්ධනයන් 2016 වසර තුළ සිදුවිය. උදාහරණ ලෙස  Structured Product Data, Product Import/Export, Domain Transfers, Weebly හි iOS සහ Android මෘදුකාංග හුවා දැක්විය හැකිය.

2017 වසර තුළ Weebly හි සිදුකිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳ ඔවුන් ළඟදීම ජනතාව දැනුම්වත් කරනු ඇත. කෙසේ වෙතත් ලබන වසර Weebly පරිභෝගිකයන්ට තවත් ජයග්‍රාහී වසර වන බව නොඅනුමානය.

Weebly Blog ඇසුරිනි.
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

ප්‍රතිචාර

ප්‍රතිචාර දක්වන්න

ප්‍රතිචාරයක් දමා යන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ප්‍රසිද්ධ ලිපි

උඩට යන්න