සාහිත්‍යය

දිරිය කන්‍යාවී

දිවි මගෙහි තෙවෙනි දශකය පසුකලද ඇය
සඳක් සේ නැගෙනා විට
උඩුබුරලන සමාජය ඇසුවේ එකම එක පැණයකි,
“දුවට තාම හරි ගියේ නැද්ද ?”
දෙවන මනාලිය වී ඇතිමුත් බෝවරක්
අතනොහැර ඇත
ඉරණම්කරු සොයන මෙහෙයුමද…….
වේලෙන බුලත් හෙප්පුව
තවම ඇත මැද සාලයේ
කියයි තවත් එක් නිහඬ වූ කතාවක්…….
බරක් වුවද
කේන්දර කොටු තුල සිරගත වූ දෙගුරුන්ට,
අනංග බැලුමෙන් අකම්පිත ඇය
වැඩකාර මැස්සියකි අපේ කාලයේ
දෑවැදි මී වදය තනිව බඳිනා…….
එනමුදු,
යහන්ගත වන්නට පාරමී පුරන්න්නීය ඇය
නිශා යම දුටු ස්වප්න කුමරු හා සස්වාමිකව
කුල සිරිත් අගයන
නුතන යශෝදරාවක් වී නිසි කලට…….
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

ප්‍රතිචාර

3 ප්‍රතිචාර

3 Comments

  1. shey

    2016 ජනවාරි 28 at 7:46 පෙ.ව.

    අපූරු සමාජ විවරණයක් 🙂

  2. bimathi

    2016 ජනවාරි 28 at 7:36 ප.ව.

    Nice sayings ?

  3. Lakmal

    2016 අප්‍රේල් 16 at 7:56 පෙ.ව.

    Its true in our society……,,,

ප්‍රතිචාරයක් දමා යන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ප්‍රසිද්ධ ලිපි

උඩට යන්න