සාහිත්‍යය

අතීතය අයිති අතීතයට විතරමයි…

tree hug
එක එක දේවල් හිත හිත
එක එක දේවල් ලිය ලිය
හිත පුරා වැට කඩොලු නැතිව
උන්නු එකමත් එක අතීතයකනුඹව මට හමුවුනා නම්
මං ලියනවා නුඹ ගැන
මං දන්න හොදම කවිය
මුළු ලෝකෙටම වැඩිය හොදටඅතීතය වගේ නෙවේ දැන්
හැමදේම හරි වෙනස්
ආදරේට දැන් කොයි ඉඩක්
තල් අරණට මම දුරයි දැන් ගොඩක්මුහුණු පොතේ නුඹ ඉන්නවාලු
ආයෙම මං ගැන හිතෙනවාලු
ඒ කාලේ කියන්න බැරි වුනු
ඒ හීනෙට ආයෙම එන්න
පුළුවනි ද අහනවාලුනුඹ එක්ක නුඹේ ඉසව්වට
යන්න හිතාගෙන මං නුඹට
පෙම් බදිනකොට අහස උසට
නුඹ ආල බැන්දේ වෙන හිතකටනුඹ සිහළ මං දමිළ
සිංහ කොඩියේ එක ලඟ​
උන්නාට අපි හැමදාම
නුඹට බැහැ මගේ වෙන්න
කියලා නේද නුඹ කිව්වේ ඉස්සරමං ලිව්ව කවි රටා
නුඹට බව දැන දැන
නුඹ වෙන හිතකට
ගී සින්දු ලිව්ව හැටි
අමතක නැහැ මට තවම
තාමත් මං සිංහල
තාමත් නුඹ දමිළ​
පන්සලයි පල්ලියයි කෝවිලයි
තාමත් නැහැ එක ලඟ​
වෙනසක් නැහැ කොතැනක
ඉතින් ඇයි නුඹ විතරක් ඔහොමහිත අකැමැතියි දැන් තල් අරණට
ආයෙම එන්නට නැහැ හිත් කොනක
නුඹ ඉස්සර හදපු නුඹේ හීන වල
නුඹ ඉන්න හිටපු විදියට
මට හොදයි මගේ පුරුදු පාළුවමගේ ඇහින් දොරේ ගලපු
කදුළු වැල් දැක දැක ඉස්සර
නුඹ උන්නේ අහක බල බල
මගේ හිත කොනිත්තන්නනුඹ එන්න යන්න කියන හැටියට
එන්නේ නැහැ මම නුඹේ ගාවට
මගේ සිංහලකම මට හොදයි
නුඹටත් වැඩියඉන්න තැනක ඔහොම ඉන්න
මෙච්චර කල් මං දරපු ගින්දර
දරන්න දැන් කාලේ හරි නුඹට
එතකොටවත් හැකි වේවි නේ
ආදරේට ජාති වාද නැති හැටි
තේරුම් කර ගන්න
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

ප්‍රතිචාර

3 ප්‍රතිචාර

3 Comments

  1. උපේක්ෂා

    2016 අප්‍රේල් 22 at 8:17 පෙ.ව.

    ආදරයට, ජාතියට සහ හදවතට ආමන්ත්‍රනයක් … 🙂

  2. Sherin

    2016 අප්‍රේල් 26 at 1:21 පෙ.ව.

    Touching poem

  3. ජානු

    2016 අගෝස්තු 1 at 4:07 පෙ.ව.

    හිත අකමැති දැන් තල් අරණට
    අපූරු උත්සහයක්….

ප්‍රතිචාරයක් දමා යන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ප්‍රසිද්ධ ලිපි

උඩට යන්න